කතානායක අසුනේ අරුන්දික අසුන් ගනී – පාර්ලිමේන්තුව උණුසුම්
1.45 update
අද දින 1.30 ට පාර්ලිමේන්තුව නිල වශයෙන් ආරම්භ කිරීමට නොහැකි වී තිබෙනවා.
ඒ එජනිස මන්ත්‍රීවරු ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙන්.
ඔවුන් මේවන විට කතානායක අසුන වට කොට විරෝධතාවයේ නිරතවනවා.
අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කතානායක අසුනේද අසුන් ගෙන තිබෙනවා.
පාලිත තෙවරප්පෙරුම සහ රන්ජන් රාමනායක ඊයේ දිනයේ දී පිහියක් රැගෙන ආ බව කියන සිද්ධියට විරුද්ධව එජනිස මන්ත්‍රීවරු විරෝධය පළ කිරීමත් සමග පාර්ලිමේන්තුව උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඔවුන් මේවන විට කතානායක අසුන වට කොට විරෝධතාවයේ නිරතවනවා.
අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කතානායක අසුනේද අසුන් ගෙන තිබෙනවා.
පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගන්නා ලෙස ඔවුන් සටන් පාඨ කියමින් සිටිනවා.
එමෙන්ම “බය දාලා යන්නෙත් නෑ – බැරිනම් අපි එන්නෙත් නෑ” යනුවෙන් ද ඔවුන් කෑකෝ ගසමින් පසුවනවා.
පාර්ලිමේන්තුව නිල වශයෙන් ආරම්භ කිරීමට නොහැකි වී තිබෙනවා.
0 comments :
Post a Comment