අමාත්‍යංශවලට යූඑන්පී ඇමතිවරු පැමිණීම වැලැක්වීමට එස්ටීඑෆ් යොදයි


රට තුල බලවත් නොසන්සුන්කාරී තත්වයක් මතුව ඇති හෙයින් අමාත්‍යංශ වල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට ජනාධිපතිවරයා නියෝගකර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එක්සත් ජාතික පෙරමුණේ

හිටපු ඇමතිවරුන් හෙට 16 සිය අමාත්‍යංශවලට පැමිණීමට නියමිත බවට තොරතුරු පැතිර තිබුණ අතර ජනාධිපතිවරයා එම පියවර ගෙන තිබේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ ඔහු හිටපු අමාත්‍යංශයට ගොස් තිබූ බවටද ආරංචියක් පැතිරීණි.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ අද සිය ආධාරකරුවන් දහස් ගණනින් අද කොළඹට කැඳවා ඇති බැවින් රාජ්‍ය මාධ්‍ය ආයතන ඇතුළු රජයේ ප්‍රධාන මර්මස්ථාන වල ආරක්ෂාව සඳහා ආරක්ෂක හමුදාවන් යොදවා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment