රනිල්ට ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය හදන්න එජාප අවසරය ලැබෙයි.


පුළුල් දේශපාලන පෙරමුණක් බිහි කිරිමේ අරමුණින් පිහිටුවන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධනායට එකතුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලය එම පක්ෂයට අනුමැතිය ලබා දී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව මේ අනුමැතිය ලබාදී ඇත.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පිහිටුවීම සඳහා යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළේය.

නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවක් කිරිම සඳහා ලබන (27) වැනි දා සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී විශේෂ හමුවක් කැඳවීමට ද තීරණය විය.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් එක්වු සියලු දේශපාලන පක්ෂ එකතු වන බවද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී කියැවිණි.

මේ අතර ඉදිරි වර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස, උප නායක ලෙස රවී කරුණානායක මහත්වරුන්ට කටයුතු කිරිම සඳහා ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිවිය.

ඉදිරි වසර සඳහා පක්ෂයේ සෙසු නිලධාරින් පක්ෂ නායකත්වය විසින් ඉදිරියේ දී පත් කරන බවද දැනුම් දෙනු ලැබීය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment