මාස 3ක් යන්න කලින් ආණ්ඩුව පෙරළනවා : වාසුදේව.

'අධිකරණයේ අගමැති හා ඇමැති මණ්ඩලයට' වැඩි කාලයක් ආණ්ඩුව කරගෙන යෑමට නොහැකි බවත් කරුණු 4ක් හේතුවෙන් මාස 3ක් ගතවීමට පෙර අනිවාර්යයෙන්ම මෙම ආණ්ඩුව පෙරළන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩි විරෝධය පළ කිරීම, පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක භූමිකාව සමඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධය පළ කිරීම, රටේ පොදු මහජනතාව ආණ්ඩුවට එරෙහිව විරෝධය පළකිරීම, එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් උග්‍රවීම යන කාරණා 4 නිසා මෙම ආණ්ඩුවේ ආයුෂ කෙටිවීමට බොහෝදුරට අවස්ථාව තිබෙන බව නානායක්කාර මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යෑමට තිබුණු අවස්ථාව ශේ‍ර්ෂ්ඨාධිකරණය මඟින් වැළැක්වූ නිසා මෙම ආණ්ඩුව බිහි වූ බවත් එම නිසා 'අධිකරණයේ අගමැති හා ඇමැති මණ්ඩලය' වශයෙන් මෙය හැඳින්වීම ඉතා නිවැරැදි බවත් වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

වර්තමාන ආණ්ඩුව පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනාවොත් එයට එක්සත් ජනතා නිදහස් සන්ධානය විරුද්ධ නොවන බවත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම් ඇතුළු එදිනෙදා කටයුතු වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට අත්‍යවශ්‍ය බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment