මංගල අයවැයෙන් ටෙලිනාට්‍යවලටත් වදී.


නව එක්සත් ජාතික පක්ෂ පෙරමුණ ආණ්ඩුවේ මංගල අයවැය මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී කලාකරුවන් දිරිගැන්වීම සඳහා විදේශයන්ගෙන් මෙරටට ගෙන්වා ප්‍රචාරය කරන ටෙලි නාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අය කරනු ලබන බද්ද ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

දැනට විනාඩි 30ක කාලයක් සඳහා ප්‍රදර්ශනය කරනු ලබන හඬ කවන ලද ටෙලිනාට්‍ය සඳහා එක් ටෙලිනාට්‍යයකට රුපියල් එක්ලක්ෂ පන්දහසක්ද චිත්‍රපටයක් සඳහා රුපියල් ලක්ෂ දෙකක් ද වාණිජ වැඩසටහන් සඳහා රුපියල් ලක්ෂ 5-10 අතර මුදලක් ද අය කෙරෙයි. එම බදු මුදල් ඉහළ දැමිය යුතු බවට යෝජනා වී ඇතැයි තොරතුරු වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment