මම ඝාතනය කරන්න සැලසුම් කළේ ප්‍රභාකරන්ව විතරයි . ඒකත් එළිපිට.


තමන් කිසි දිනක එක් එක් පුද්ගලයින් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන තුට්ටු දෙකේ මිනිසෙකු නොවූ බවත් තමන් ඝාතනය කිරීමට සැලසුම් කළේ එක් පුද්ගලයකු පමණක් බවත් ඒ, ප්‍රභාකරන්ව බවත් එයත් කළේ එළිපිට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. 

සතුරා වුවත් අවසන් පතුරම දක්වා සටන් කළ නිසා ප්‍රභාකරන් කෙරෙහි ද තමන්ගේ යම් ගෞරවයක් පවතින බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

සරත් ෆොන්සේකා මහතා මේ අදහස් පළ කළේ මාවනැල්ල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

"මේ දවස්වල මට කියනවා ඇමතිකම ගන්න ඕනෙ නම් සමාව ගන්න කියලා. අර රාජපක්ෂ මාව හිරේ දාලා, අවුරුදු දෙකහමාරක් මං හිරේ හිටියා. මට පණිවිඩ පිට පණිවිඩ එව්වා, සමාව ගනිං, හිරෙන් එළියට ගන්නම්, උඹට මිලියන මෙච්චර දෙන්නං, ඒත් මම දණ ගැහුවෙ නෑ. එතකොට මෙයා හිතනවා නම් මම මෙයා ගාවට ගිහින් ඇමතිකමක් වෙනුවෙන් දණ ගහයි කියලා මම එන්නෙ නෑ ඔබතුමාගෙන් සමාව ගන්න. අපට කොඳු නාරටියක් තියෙනවා" යනුවෙන් ෆොන්සේකා මහතා එහිදී ප්‍රකාශ කළේය.

[LNW]

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment