සිරිසේනගේ කුමන්ත්‍රණය නිසා ශ්‍රී ලන්කන් 'කොට උඩ'!


රටේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරභාවය නිසා මෙරටට පැමිණීමට සිටි සංචාරකයන් සිය ගුවන් ගමන් අවලංගු කිරීමට පටන්ගෙන තිබීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්වී ඇතැයි එහි ජේ‍යෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

මෙරටට පැමිණීමට සිටි විදේශිකයන් මෙරටට ඒම නවතා දමා ඇතැයි ද එම තත්ත්වය දිනෙන් දින උග්‍ර වන බවද හෙතෙම කියයි.

මෙනිසා ගුවන් ගමන් වාර පාඩු පිට ක්‍රියාත්මක කිරීමට සිදුව ඇත.

මේ වන විට කටුනායක ගුවන් තොටුපොළ හරහා වෙනත් රටවලට පියාසර කරන ගුවන් ගමන්ද රටේ දේශපාලන අර්බුදකාරී තත්ත්වය නිසා ශ්‍රී ලංකාව මඟහැර වෙනත් රටවල ගුවන් තොටුපොළවල් වෙත ගමන් කිරීමට පටන්ගෙන ඇතැයි ද එම නිලධාරියා පැවැසීය.

මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා ගුවන් වාර ක්‍රියාත්මක කරන්නේ අඩු මගීන් සමඟ යැයි ද එම නිලධාරියා තවදුරටත් කියා සිටියේය.

(මව්බිම)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment