ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන්ට දඬුවම් : බලය පාර්ලිමේන්තුවට.
ඔක්තෝබර් 26 වනදා සිට ක්‍රියාත්මක වූ දේශපාලන කුමන්ත්‍රණයේ කුමන්ත්‍රණකරුවන්ට දඬුවම් ලබාදීම පාර්ලිමේන්තුවට පැවරෙන වගකීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
පාර්ලිමේන්තුව තුළ කවුරුන් 133ක බහුතර බලය සකස් කර ගත්ත ද දිගු කාලයක් රට පාලනය කිරීමට ඔවුන්ට අයිතියක් නොමැති බව පෙන්වා දුන් ඒ මහතා එහෙත් මෙම පාර්ලිමේන්තුවට නිශ්චිත කරුණු කිහිපයක් පැවරී තිබෙන බව අවධාරණය කළේය.
ඒ අනුව, පළමුවෙන්ම දේශපාලන කුමන්ත්‍රණයට සහභාගී වූ කුමන්ත්‍රණකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බවත් දෙවනුව සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවත් පෙන්වා දුන් අනුර දිසානායක මහතා ඉන් අනතුරුව පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයෙන් යෝජනාවක් සම්මත කිරීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර, ජනතාවගේ මතයට අනුරූපී වන පරිදි පාලනයක් ගොඩනඟා ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බව ප්‍රකාශ කළේය.

0 comments :
Post a Comment