දයාසිරිට නිදහස් පක්ෂ මහලේකම්ධූරය දෙනවාට විරුද්ධව බිම් මට්ටම ඇවිලේ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්ධූරය හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත ලබාදීමට ජනාධිපතිවරයා උත්සාහ දරමින් සිටින බවට වාර්තා වනවා. ඒ අනුව නුදුරේදීම මහාචාර්‍ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා එම තනතුරෙන් ඉවත් කොට දයාසිරි ජයසේකර  මහතා එම තනතුරට පත්කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

පක්ෂයේ දැඩි විරෝධය

මෙම තීරණය සැල වීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ සිට ආසන සංවිධායකවරු, දිස්ත්‍රික් සංවිධායකවරු, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ පක්ෂයේ ජේෂ්ඨයන් ඊට විරෝධය පළ කරමින් කටයුතු කරන බවට වාර්තා වී ඇත. 

දුමින්ද ඉල්ලයි

හිටපු මහලේකම් දුමින්ද දිසානායක වර්තමානයේ පවතින දේශපාලන අර්බුදකාරී තත්වය තුල නිදහස් පක්ෂයේ  සංවිධායකවරු සහ පක්ෂ සාමාජිකයින් සමඟව සමීපව කටයුතු කරමින්  ඔවුන් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි බැවින්, ඔවුන් දුමින්ද දිසානායක යලි පක්ෂ මහලේකම්ධූරයට පත් කරන ලෙසට ඉල්ලීම් කරමින් සිටින බව නිදහස් පක්ෂ ආරංචි මාර්ග තහවුරු කර සිටියි. 

දයාසිරි ජයසේකර යනු පක්ෂ මාරු කරමින් ක්‍රියා කරන කිසිදු ප්‍රතිපත්තියක් නැති දේශපාලකයෙකු බැවින් ඔහුව  නිදහස් පක්ෂයේ මහලේකම් කිරීමට තමන් දැඩි සේ විරුද්ධ බව පක්ෂ සංවිධායකයින් බහුතරයකගේ මතය වී ඇත.

තවත් අර්බුධ

මේ අතර නිදහස් පක්ෂයේ සමාජිකයින් නොවන කිහිප දෙනෙක් ඊයේ මාධ්‍යවෙත අදහස් දක්වා ඇති බවත් එය ශ්‍රිලනිප යේ අනුදැනුමකින් තොරව සිදුකර ඇති බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. 



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment