එජාපයට සම්බන්ධ වෘත්තිය සමිති - සංවිධාන වහාම බල ගන්වයි.


එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති, ශාඛා,  සංවිධාන සහ බල මණ්ඩල සහ කාන්තා සංවිධාන වහාම ක‍්‍රියාත්මක වන පරිදි බළ ගැන්වීමට තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් මේ පිළබඳ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.

විවිධ කණ්ඩායම් විසින් එක්සත් ජාතික පක්ෂය පිළිබඳ ගෙන යන දුර්මත පරාජයට පත් කරමින් යථාර්ථය සමාජගත කිරීමත්, නීතිය ප‍්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණත්වය සමාජය තුළ ස්ථාපිත කිරීමත් අරමුණු කර ගනිමින් මෙම අනුබද්ධ සංවිධාන සියල්ල තවදුරටත් පුළුල් කරමින් ප‍්‍රතිසංවිධානය කිරීමට කටයුතු කරන බව මහලේකම්වරයා එහිදි පැවැසීය.

මහා සංඝරත්නය ප‍්‍රමුඛ ආගමික නායකයන්, රණවිරුවන්, සිවිල් සංවිධාන, වෘත්තිකයින්, කලාකරුවන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්,  ගොවීන්, විදෙස් ශ‍්‍රමිකයන් ඇතුළු සමාජය නියෝජනය කරන සියලූ ක්ෂේත‍්‍රයන්ට අයත් ජනතාව මෙම අනුබද්ධ සංවිධාන නියෝජනය කරන බවද ඔහු සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment