මෛත්‍රි, කථානායක හා රනිල් ඊයේ හමුවේ : මෛත්‍රි-මහින්ද අද හමුවේ.


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කථානායක කරු ජයසූරිය මහතා හා එක්සත් ජාතික පක්ෂයෙ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (13දා) රාත්‍රියේ  පවත්වා ඇති බව වාර්තා වෙයි. අතිශය පුද්ගලික මට්ටමින් මෙම හමුව පවත්වා ඇත.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පැවැත්විමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන් ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ අද රාත්‍රියේ අදාළ සාකච්ඡාව පැවැත්විමට සැලසුම් කර ඇති බවයි.

සාකච්ඡාව පැවැත්වෙන වේලාව සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන පක්ෂවල නායකයින්ගේ රැස්විමක් අද පෙරවරුවේ පවත්වා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වුණු බවයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment