"අම්බරුවො ඇවිත් පාර හරස් කලොත් උන්ව එලවා හෝ බැඳ දමා අපි අපේ ගමන යනවා"- තරුණ සේවා සභාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල්



ජාතික තරුණ සේවා සභාවේ අභිනව සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද (21) උදෑසන යෙදී තිබුණු සුභ මොහොතින් සිදු කෙරුණා. ඒ මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී. මහා සංඝරත්නයේ ආශීර්වාදය ලබා ගනිමින් හා පිරිත් සජ්ජායනා මධ්‍යයේ සභාපතිතුමා සිය රාජකාරී කටයුතු මෙහිදී ආරම්භ කළා.

මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂකවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ තරුණ නායක නායිකාවන් හා සේවක මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවණීය අමුත්තන් රැසක් සහභාගි වී සිටියා.

මෙහිදී රැස්ව සිටි සේවක මහත්ම මහත්මීන් අමතා සභාපතිතුමා විශේෂ ප්‍රකාශයක් සිදු කලා.

“මේ වෙලාවෙ මම වැඩිය කතා කරන්න කැමති නෑ. මොකද මම කලේ කතා කර කර ඉන්න එක නම් අවුරුදු 3 1/2 ඇතුලත අපිට මේතරම් දුර එන්න බෑ. ඒ වගේමයි අපි කලේ කතා කර කර ඉන්න එක නම් දවස 51 එකෙන් ආපහු එන්නත් බෑ. මට ඔය කොයි කාටත් කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඕනම දේකට වෙලාව එනකං ඉන්න ඕන.

බඩගිනි වැඩි උනා කියලා කුඹුරට පැනලා ගොයං කොල කන්න බෑනේ. එහෙම කන්නෙ අම්බරුවෝ. මිනිස්සු එහෙම නෙමෙයි.හාල් පොලලා, ලිපේ තියලා බත ඉදුනම තමයි කන්නේ. ඒකයි අම්බරුවන්ගෙයි මිනිස්සුන්ගෙයි වෙනස. මං කැමති ඒ වගේ මිනිස්සුත් එක්ක ඉස්සරහටත් අපේ ගමන යන්න. අම්බරුවො ඇවිත් පාර හරස් කලොත් උන්ව එක්කො එලවලාදාල,නැත්තං බැඳලා දාල අපි අපේ ගමන ඉස්සරහට යමු.

නැවතත් ගරු අගමැතිතුමාම තමයි අපේ විෂය භාර ඇමතිතුමා. ඒනිසා ඉස්සර වගේම අපිට වැඩකරගෙන යන්න පුලුවන්. ස්වභාවික වරණයට අනුගත නොවන ජීවියා පරිසර විසින් බැහැර කෙරෙනු ඇත කියල චාල්ස් ඩාවින් කිව්වෙ බොහොම කාලෙකට කලින්. එහෙම අයව ඉදිරියටත් ඉබේටම ස්වාභාව ධර්මයා විසින්ම බැහැර කරයි. අපි අපේ ගමන යමු. එරන්ද වැලිඅංගේ ආයෙ ආවා. අද ඉඳන් ජාතික තරුණ සේවා සභාව ආයේත් පුරුදු පරිදි වැඩ. ඔබට ජය"

යනුවෙන් නව සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment