මාධ්‍ය වාර්තා අසත්‍යයි : ශ්‍රීලනිප ඇමතිවරු දිව්රුම් නොදුන් හේතුව මෙන්න.


අලුත් ආණ්ඩුවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අද පැවති කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර ලබා නොදුන්නේ අධිකරණයේ තීන්දුවක් නිසා බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මංගල සමරවීර අමාත්‍යවරයා සිය අමාත්‍යංශයේ වැඩ බාර ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ කරුණු ඉදිරිපත්කල අවස්ථාවේදී, ආණ්ඩුවට එක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසට අමාත්‍ය ධුර හිමි නොවීම පිළිබඳව මාධ්‍යවේදීයෙක් කරුණු විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ, පැවැති කැබිනට් මණ්ඩලයේ කිසිවකුටත් අමාත්‍ය ධුර ලබා ගත නොහැකි ලෙස අභියාචනාධිකරණ තීන්දුවක් ලබා දී තිබෙන බවයි.

ලබන මස වන විට එම තහනම් නියෝගය ඉවත් කරවාගෙන නව රජයට එක්ව සිටින පිරිසට මෙන් ම ඉදිරියේ දී එක්වීමට නියමිත පිරිසට ද අමාත්‍ය ධුර ලබා දී මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ඇමතිවරයා එහිදී සඳහන් කළේ ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment