ජනාධිපතිට එරෙහිව රංගේ සහ ෆොන්සේකා ශ්‍රේෂ්ඨාධිකරණයට.
අගමැතිවරයා විසින් තමාව අමාත්‍ය ධුරයක් සඳහා නිර්දේශකර තිබිය දී ජනාධිපතිවරයා පෞද්ගලික එදිරිවාදිකම් මත එය වැලැක්වීම මගින් තමාගේ මානව හිමිකම් කඩවී වී ඇතැයි චෝදනා කරමින් එජාප මන්ත්‍රී සරත් ෆොන්සේකා සහ පාලිත රංගේ බණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට යයි.
මෙය මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව ෆොන්සේකා මහතාගේ අදහසවී ඇත.
ජනාධිපති ධුරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි බවට වු ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වෙනි සංශෝධනයෙන් ලැබී ඇත.

0 comments :
Post a Comment