කොණ්ඩයා අත්අඩංගුවට ගන්න මෙහෙයුමක්


ගම්පහ බෙම්මුල්ල බදුවතුගොඩ ප‍්‍රදේශයේ ගෙවත්තකට ඇතුළු වී නිරුවතින් අශෝබන ලෙස හැසිරුනු බව කියන දුනේෂ් ප‍්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ ගෙවත්තේ තිබී දුනේෂ් ප‍්‍රියශාන්ත ගේ බවට සැකකළ හැකි ඇදුම් කිහිපයක්ද සොයා ගැනුණු බවයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය අවස්ථා කිහිපයකදී ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

එහෙත් ඔහු නිවසින් පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

දුනේෂ් ප‍්‍රියශාන්ත මෙලෙස ඇතුළු වී ඇත්තේ විශ‍්‍රාමික නාවික හමුදා නිළධාරියෙකුට අයත් ගෙවත්තකටයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම විශ‍්‍රාමික නාවික හමුදා නිළධාරියා කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කෙරුණා. 

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment