ඇමතිකමක් දෙන්නේ සිරිසේනගෙන් සමාවගත්තොත් විතරයි : ෆොන්සේකා නිවටයන්ගෙන් සමාව ගන්න එකක් නෑ.


කැබිනට් අමාත්‍ය පදවියක් සඳහා නම යෝජනා කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය පදවියක් ලබා දෙන්නේ ඔහු පසුගිය කාලයේ තමන් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ වෙනුවෙන් සමාව ගතහොත් පමණක්යැයි ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි වාර්තා වේ.

කැබිනට්ටුව පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදි රජයේ ජේෂ්ඨයන් පිරිසකට ජනාධිපතිවරයා මෙම දැනුම්දීම කළ බවද පැවසේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ එජාප ප්‍රබලයෙක් ප්‍රකාශ කලේ ෆොන්සේකා නිවටයන්ගෙන් සමාව ගන්නේ නැතිබවත් රාජපක්ෂ සමයේ සිරගත කළ ෆොන්සේකා ඔහුගෙන් පවා සමාව නොගත් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එවකට අනෝමා ෆොන්සේකා මහත්මිය මහින්ද රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපිය පහතින්, 

අනෝමා ෆොන්සේකා
අංක 03/1,රාජකීය මාවත,
කොළඹ 07.
2010.03.22

ගරු ජනාධිපතිතුමනි,

සිංගප්පූරුවේ පළ කෙරෙන "ස්ටේ්රට්ස් ටයිම්ස්"පුවත්පත සමග ඔබතුමා කළ සාකච්ඡාවක් ශ්රී ලංකාවේ පුවත්පත්වල ද පළ වී තිබෙනු මම දුටුවෙමි. එම සාකච්ඡාවේදී,මගේ ආදරණීය සැමියා වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා "දේශපාලනය නුහුරු මෝඩයෙක්"යැයි ඔබ කළ ප්රකාශය දැක මම බලවත් සංවේගයට හා කම්පාවට පත්වීමි. එසේ පවසා ඇත්තේ මීට මාස දහයකට පෙර ඔහු ලොව හොඳම හමුදාපති යැයි පැවසූ ඔබතුමා ම දැයි මට සැක සිතේ.

කොටි ත්රස්තවාදයෙන් අපේ මව්බිම මුදා ගැනීමෙන් පසු ඔබ සහ ඔබේ ආණ්ඩුව පුන පුනා පැවසුවේ මගේ සැමියා අපේ රටේ හමුදාවන්ට දුන් නායකත්වය හා ඔහුගේ ඥාණාන්විත යුධ සැලසුම් ගැන මුලූ රටටම ආඩම්බර විය හැකි බවයි. එදා යුද ජයග්රහණය සැමරීමට පැවති උත්සවයේ ජයග්රහණයේ කේක් ගෙඩිය කැපීමට සුදුසුම තැනැත්තා ජෙනරාල් ෆොන්සේකා යැයි ඔබ ප්රසිද්ධියේ පවසා ඒ අවස්ථාව ඔහුට ලබාදුන් බව සැමියා මා සමඟ පවසා ඇත. නමුත් ඒ සියල්ල යුද ජයග්රහණයේ උණුසුම මැකී යන්නටත් පෙර ඔබට අමතකවීම සංවේගජනක කාරණයකි.

මගේ සැමියා ඔබ පවසන පරිදි දේශපාලනය පිළිබඳ අවබෝධයක් නැත්තෙකු නම් එවැන්නෙකුට බියවී නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන හිර ගත කර බොරු නඩු පටලවමින් සිටින්නේ මන්දැයි මට නම් තේරුම් ගත නොහැකිය. අවුරුදු 30කට ආසන්න කාලයක් මේ රටත් මේ රටේ ජනතාවත් දුකෙන් දුකට පත් කළ බිහිසුනු යුද්ධය නිමාකර නිදහස දිනා දීමට නායකත්වය දුන් රණ ශූරයෙකුට ජාත්යන්තර පුවත්පත් හරහා මෝඩයෙකු යැයි අපහාස කිරීම රටේ ජනාධිපතිවරයෙකුට තරම් නොවේ යැයි මට හැඟේ.

මගේ සැමියා සමඟ ඔහුගේ ආධාරකරුවන් අත්අඩංගුවට ගත්තේ ඔබට හා රජයට එරෙහිව රාජ්ය විරෝධී කුමන්ත්රණයක් කළේ යැයි චෝදනා නඟමින්ය. අද ඒ ආධාරකරුවන් සියළු දෙනාම වාගේ නිදහස් කර හැරීමෙන් පෙනී යන්නේ එම කුමන්ත්රණ චෝදනා පදනම් විරහිත ඒවා බවය. එහෙත් තවමත් මගේ සැමියා හිරකරගෙන සිටීමෙන් පෙනී යන්නේ ඔහු පසුගිය ජනාධිපතිවරණයේ ඡන්ද මංකොල්ලය හෙළිදරව් කොට මේ මහ මැතිවරණයේදී ඔබේ ආණ්ඩුව පරාජය කරනු ඇතැයි බියපත්ව සිටින බව නොවේද?

"ස්ටේ්රට්ස් ටයිම්"පුවත්පත සමඟ පැවති සාකච්ඡාවේදී එම පුවත්පත ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ඇති චෝදනා කුමක්දැයි විමසා සිටියත් එම චෝදනා පිළිගත හැකි අයුරින් ඉදිරිපත් කිරීමට ඔබතුමා සමත් වූයේ නැත.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයන් ලෙස කටයුතු කරමින් අරන්තලාවේදී භික්ෂූන් වහන්සේලා ඝාතනය කිරීම,ශ්රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට සැදැහැවතුන් වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මහා ජන ඝාතන රැසකට දායක වූ පූජනීය ශ්රී දළදා මාලිගාව ඇතුළු වටිනා ඓතිහාසික ස්ථාන බෝම්බ ගසා විනාශ කිරීමට සැළසුම් සකස් කළ කරුණා අම්මාන්,පිල්ලෙයාන්,දයා මාස්ටර්,ජෝජ් මාස්ටර් වැන්නන්ට පදවි තානාන්තර ලබා දී ඇත. කේ.පී. වැනි කොටි නායකයින්ට සියලූ පහසුකම් සලසා දෙමින් සිටී. ඒ අතරම ඔබතුමා කොටි සංවිධානය සමග යුද වැදී,මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකට ගොදුරු වී,සිය බඩවැල් දෝතට ගෙන යළි නැගී සිට,සුවපත් වී යළි යුද පිටියට ගොස් ත්රස්තවාදය පරාජය කළ මගේ සැමියාට සමාව දෙන්නේ නැතැයි ප්රකාශ කිරීම ගැන ද මම පුදුමයට පත් නොවෙමි.

හමුදාවෙන් දෙසීයක් පමණ පැමිණ මගේ සැමියා කුදලාගෙන ගෙන ගිය මොහොතේ පටන් සුළං පොදක්වත් නොඑන ලෙස ලෑලි ගැසූ කාමරයක සිර කරගෙන ඔහුට දෙන වද වේදනාත් ඔබගේ හෘද සාක්ෂියට වද දෙන කරුණක් වෙනවා නොඅනුමානයි. රට වෙනුවෙන් මෙතරම් සේවයක් කළ අයකුට මේ ආකාරයේ ඉරණමක් අත්වීම පිළිබඳ උදාහරණයක් මම ලොව අන් කිසිදු රටකින් අසා නැත. රට වෙනුවෙන් කැපකිරීම් හා පරිත්යාගයන් සිදු කරන අයකුට මෙවැනි හිරිහැරවලට බඳුන්වීමට සිදු වන තත්වයක් යටතේ අනාගතයේදීවත් රට වෙනුවෙන් ඉදිරියට ඒමට කිසිවකු හෝ ඉදිරි පත් වේ දැයි සැක සහිතය. මේ සිදුවී ඇති දේ මගේ සැමියාට සිදු වූ පෞද්ගලික හිරිහැරයක් නොව මුළු රටටම සිදු වූ දැවැන්ත හානියක් වන්නේ ඒ නිසාය.

මෙවර සිංහල හින්දු අලූත් අවුරුද්ද එක්සේසත් ශ්රී ලංකාවක් තුළ සමරන්නට අවස්ථාව උදා කරන බවට මගේ සැමියා ජනතාවට පොරොන්දු විය. ඔහු ඒ පොරොන්දුව අකුරටම ඉටු කළේය. රටේ ජනතාවට මෙන්ම ඔබේ පවුලේ අයටත් මගේ සැමියා ඇතුළු රණවිරුවන් නිසා මෙවර අලූත් අවුරුද්ද සැමරීමට හැකි වී තිබේ. එහෙත් අපේ පවුලට වසර 30කට පෙර මෙන්ම මෙදාත් පවුලේ සැමට එකට එක් වී අවුරුදු සැමරීමට ඇති අවස්ථාව ඔබතුමාගේ මැදිහත්වීම මත අහිමි කර ඇත.

ගරු ජනාධිපතිතුමනි,ඔබ "ස්ටේ්රට්ස් ටයිම්ස්"පුවත්පතට තව දුරටත් ප්රකාශ කර තිබූ ආකාරයට ෆොන්සේකාට වේලාසනින් සමාවක් දීමට ඉඩක් නැති බවයි. මහජන ඡන්දයෙන් තේරී පත්වූ රටේ විධායක ජනාධිපති වරයා ලෙස සිටින ඔබ ස්වාධීන අධිකරණයක් පවතින බව පැවසෙන රටක නඩු තීන්දුවක් දීමට පෙර නඩුවේ විත්තිකරුට සමාවක් දීමට ඉඩක් නැතැයි පැවසීමෙන් මගේ සැමියාට විරුද්ධව නඩුවේ තීන්දුව ඔබ විසින් දැනටමත් ලියා ඇති බව ගම්ය වේ. ඒ කෙසේ වෙතත් මගේ සැමියා කිසිදිනෙක ඔබෙන් සමාවක් නම් අයදින්නේ නැති බව මට සහතිකය. මක්නිසාද ඔහු කිසිදිනෙක දඬුවම් ලැබිය හැකි වරදක් කර නැති නිසාය.

මෙයට,

අනෝමා ෆොන්සේකා

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment