සිරිසේන ජනමාධ්‍ය, නීතිය හා සාමය අමාත්‍යංශ බලහත්කාරයෙන් අත්කරගැනීමේ සූදානමක : වෘත්තිකයන් නඩු මඟට.

ජනමාධ්‍ය අමාත්‍යංශය සහ නීතිය හා සාමය අමාත්‍යංශය අමාත්‍යංශය තමා සතුව තබා ගන්නට සිරිසේන ජනාධිපති උත්සාහයක සිටින බව වාර්තා වෙයි.

ජනාධිපති සිරිසේන පාර්ශවය විසින් මේ බව එක්සත් ජාතික පෙරමුණ වෙත දන්වා ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ එක්සත් ජාතික පෙරමුණ සිරිසේන ජනාධිපතිගේ මේ තීරණය සම්බන්ධව විරෝධය පළකර ඇති බවය.

එසේම ජනාධිපති සිරිසේනට එවැනි තීරණයක් ගැනීමට නොහැකි බවත් ව්‍යවස්ථාවට අනුවද එය නිවැරදි නොවන බවද එහිදී එක්සත් ජාතික පෙරමුණ දන්වා ඇති බවද වාර්තා වෙයි.

පැහැදිළිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධන‌යේ 51 වගන්තිය අනුව ජනාධිපතිවරයාට තබා ගත හැක්කේ රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධන සහ පරිසරයට අදාල අමාත්‍යාංශ පමණක් වන අතර  ඒ උල්ලංඝනය වන ආකාරයට කටයුතු කිරීමට සිරිසේන ජනාධිපතිට නොහැකි අතර ඊට එරෙහිව වෘත්තිකයන් පිරිසක් නිතිය හමුවට යාමට සුදානම් වන බවද වාර්තා වේ. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment