මධුමාධවට ලෙඩක් : සන්ධ්‍යා එක්නැලිගොඩ CID යට.

මධුමාධව අරවින්ද මහතා විසින් ප්‍රගීත් එකනැලි ගොඩ මහතා සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශයක් ගැන පැමිණිලි කිරීම සඳහා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අද (17) උදේ 11ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යාමට නියමිත බව වාර්තා වේ.

ප්‍රගීත් එකනැලි ගොඩ මහතා ඩුබායි හි මාන් ප්‍රදේශයේ ජීවත් වන බවත් තමන් ප‍්‍රසංගයකට සහභාගී වීම සඳහා ඩුබායි රටට ගිය පසු මාන් ප්‍රදේශයේ ජීවත්වන තරුණයෙකු තමන්ට මේ බව තහවුරු කළ බවත් මධුමාධව අරවින්ද මහතා සිය මුහුණු පොතේ සටහනක් යොදමින් සඳහන් කර ඇත.

එය උපුටා දක්වමින් සති අන්ත පුවත්පතක්ද එය සිය පුවත්පතේ වැඩි ඉඩක් ලබාදෙමින් පල කර තිබේ.

මධුමාධව අරවින්ද මහතා මෙම සටහන සම්බන්ධයෙන් සත්‍ය අසත්‍ය තත්වය අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් තමන් මෙලස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත හෙට පැමිණිලි කරන බවද සන්ද්‍යා එක්නැලි ගොඩ මහත්මිය පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment