ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (17)දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ හෙට පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියේදී ගනු ලබන දේශපාලන තීන්දු සම්බන්ධයෙන් මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වේ.
මේ අතර ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අතර අද රාත්‍රී නිල නොවන මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment