මහින්ද අද පස්වරුවේ ඉල්ලා අස්වීමට යයි?


තමා ඇතුළු 'අමාත්‍ය මණ්ඩල' සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බලා ඒ පිළිබඳ තීන්දුවක් ලැබුන වහාම එම තීන්දුව කුමක් වුවත් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැවති සන්ධාන මන්ත්‍රීවරුන්ගේ සාකච්ජාවේදී කියා සිටියේ කුමන තත්වය යටතේ වුවද එජාප විරෝධි කඳවුර ශක්තිමත් කිරීමට තමා කැපවන බවත් ඊට නායකත්වය දෙන බවත්ය. එම සාකච්ජාවට මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

කෙසේවුවද එසේ පැවසු ජනාධිපතිවරයා ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට එක්සත් ජාතික පෙරමුණ සමග ආණ්ඩු කිරීමට එකඟත්වය පළකර තිබීම පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ගේ බලවත් කනස්සල්ලට හේතුවී ඇතැ ද වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment