පාර්ලිමේන්තුව විසුරුවීමට විරුද්ධව දෝෂාභියෝගයක් (විසුරුවපු) පාර්ලිමේන්තුවේ ගෙන එන්න : නීතිපති.


ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බව නීතිපති ජයන්ත ජයසුරිය පවසයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමේ දෙවන දිනය වූ ඊයේ (05) නීතිපතිවරයා මෙම කරුණු දැක්වීම සිදුකර සිටියේය.

එසේම  ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන බවට චෝදනා එල්ල කර තිබුණද ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 38(2) (අ) වගන්තිය තුළ මනාව පැහැදිලි කර ඇති බවද  නීතිපතිවරයා පෙන්වා දුන්නේය.

එම වගන්තියට අනුව ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ දෝශාභියෝග යෝජනාවක් සම්මත කර එම යෝජනාව හරහා ජනාධිපතිවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු බව නීතිපතිවරයා වැඩිදුරටත් කීය.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනාධිපතිවරයා වෙත එල්ල කර ඇති චෝදනා පිළිබඳ විභාගයක් පවත්වා ඒ පිළිබඳ අවසන් වාර්තාවක් කතානායකවරයා වෙත යොමු කළ යුතු බව ද පෙන්වා දුන් නීතිපතිවරයා එම ක්‍රියාදාමයෙන් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.

නීතිපතිවරයා අදාළ පෙත්සම් විභාගයේ වගඋත්තර කරුවෙකුද වෙයි.  කෙසේ වුවත්  ඔහු වැඩිදුරටත් පවසා සිටියේ   අදාළ පෙත්සම් විභාග කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවත්,එබැවින් මෙම පෙත්සම් 13 විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙසත්ය. 

නමුත් ගැටළුව ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවීමට විරුද්ධව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුව විසුරුවා ඇත්නම් ගෙන එන්නේ කෙසේද යන්නයි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment