බණ්ඩාරනායක නාමය විකුණාගෙන කෑ අය ගැන චන්ද්‍රිකාගෙන් හෙලිදරව්වක්!


බණ්ඩාරනායක නාමය හා ප්‍රතිපත්ති විකුණාගෙන කෑ හොරුන් සහ මිනීමරුවන් තවමත් මෙරට සිටින්නේ යැයි ද ඔවුන් දැනටත් බණ්ඩාරනායක නාමය හා ප්‍රතිපත්ති විකුණාගෙන කන්නේ යැයි ද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඊයේ (8) පවසා ඇත. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය සහ බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පියාණන් වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 120 වැනි ඡන්ම දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් ඒ මහත්මිය මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති සිරිසේන ද කොළඹ ගාලු මුවදොර පිටියේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සඳහා පැමිණි අතර හිටපු ජනාධිපතිනිය එම ස්ථානයට පැමිණියත් ඔවුන් දෙදෙනා එකිනෙකා හා කතා නොකළා පමණක් නොව අවම වශයෙන් මුහුණ දිහා හෝ නොබැලු බවද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය. 

ශ්‍රී ලංකා නිදහස් මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන පියදාස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ එම පක්ෂයේ සාමාජිකයන්, බණ්ඩාරනායක පවුලේ ඥාතීන් හා හිතමිතුරන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment