රාජිත, රවීට පාඩමක් උගන්නයි.


කැබිනට් මණ්ඩලයේ දී දක්වන විරෝධය කැබිනට් සටහන් වල සඳහන් කරන ක්‍රමවේදයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අමාත්‍ය රවී කරුණානායකට අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ විදේශ ණය ගෙවීමට සංවර්ධන බැදුම්කර හරහා රාජ්‍ය බැංකුවලින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1600ක් ගැනීමේ යෝජනාවට තමා දැක්වූ විරෝධය කැබිනට් තීන්දු වල සඳහන් නොවීම සම්බන්ධයෙන් විදුලිබල බල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පෙරේදා (07) පැවැති කැබිනට් රැස්වීමේදී විරෝධය පළ කළ අවස්ථාවේ කරුණු දක්වමින්ය.

විදේශ ණය ගෙවීමට රාජ්‍ය බැංකුවලින් මුදල් ගැනීම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා ගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී දැඩි විරෝධය පළ කර තිබිණි.

තමාගේ විරෝධය කැබිනට් සටහන්වලට සඳහන් කරන්නැයි කරුණානායක අමාත්‍යවරයා පසුගිය  සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment