ගින්නට මැදීවූවන් අතර කුඩා ළමුන් දෙදෙනෙකුද සිටි අතර කුඩා ළමුන් දෙදෙනා ගොඩනැගිල්ලෙ ඉහළ
මහලෙන් ආරක්ෂාකාරිව
කෙසේ වෙතත් වීඩියෝ දර්ශන වල එක්වරම පෙනුණ ආකාරයට ඔවුන් පැන ගත්තේ බිමට නොව ඒ අසළ තිබුණ වහලයකටයි. ජනේලයේ සිට එතැනට වැඩි උසක් නොවීම නිසා හානියකින් තොරව පැනගන්නට ඔවුනට හැකි විය.
මෙම ගින්න අද උදෑසන 7 ට පමණ මහනුවර යටිනුවර වීදියේ පිහිටි තට්ටු 04 කින් යුත් වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ලේ තුන්වන තට්ටුවේ හටගෙන තිබුණි.
පොලිසිය දැනුවත්වීමෙන් පසු ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන හමුදාවේ නිලධාරින්, පොලිසිය හා ප්‍රදේශවාසින් එක්ව ක්‍රියාකර තිබුණි.
ගින්න හේතුවෙන් ගොඩනැගිල්ලේ සිටි කුඩා දරුවන් ඇතුළු 5 දෙනෙක් සුළු තුවාල ලබා රෝහල් ගත කරන ලදි.
තුවාලකරුවන් ව්නනේ කාමනාදන් රාමරාජා (36) තංගවේලු රාධිකා (32) කාමනාදන් නිසාලන් (08) කාමනාදන් සත්‍යජිත් (07) කාමනාදන් සහිතියන් (03 1/2)
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

0 comments :
Post a Comment