විපක්ෂ නායක ධූරය මහින්දට බව පාර්ලිමේන්තුවේදී සනාථ කෙරේ


අද 8 දින නව වසරේ පළමු වරට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ විපක්ෂ නායක ධූරය සම්බන්ධ පැවති ගැටලු සහගත තත්වය නිරාකරණය කෙරිණි. ඒ අනුව පාර්ලිමේන්තුවේ මූලාසනය දරන ලද නියෝජ්‍ය කතානායක
ආනන්ද කුමාරසිරි කතානායක

කරු ජයසූරිය දන්වන්නට යයි කියා තිබූ නිවේදනයක් කියවූ අතර
එහිදී ප්‍රකාශ වූයේ පැවති ගාටලුකාරී තත්වයන් විමර්ශනයෙන් පසු විපක්ෂ නායක ධූරය ආර් සම්බන්දන් මන්ත්‍රිවරයා වෙනුවට කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි මහින්ද රාජපක්ෂට පිරිනමන්නට කටයුතු කර ඇති බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂ අසුන, පාර්ලිමේන්තුවේ විපක්ෂ කාර්යාලය, බාහිර නිල නිවස හා විපක්ෂ නායක කාර්යාලය මෙන්ම ඇමතිවරයෙකුට සමාන වැටුප් හා ආරක්ෂාව හිමි විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂ වෙත හිමිව තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment