බණ්ඩාරනායක සමරුවට ආපු චන්ද්‍රිකා මෛත්‍රීව මගහරී

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර
හමුවක් අද (08දා) සිදුවුණා. ඒ ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 120 වැනි ජන්ම දින සැමරුවේදීය.

කොළඹ ගාලුමුවදොර පිටියේ පවතින බණ්ඩාරනායක මහතාගේ පිළිරුව අභියසදී මෙම උත්සවය පැවැත්වුණි.
මෙහිදී පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්විය.

ඔහු වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවෙයි. මෙම අවස්ථාවට බණ්ඩාරනායක මහතාගේ දියණියක් වන හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පවුලේ උදවියද එක්ව සිටියහ.

කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අදහස් හුවමාරුවක් සිදුනොවුණි. පිළිරුවට පුෂ්පෝපහාර දැක්විමෙන් අනතුරුව ජනපතිවරයා එම ස්ථානයෙන් නික්ම ගියේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා හා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අතර දිගු සංවාදයක් පවත්වන අයුරු දක්නට ලැබුණි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිවුවැනි පදවි ප්‍රාප්තියිද අදට යෙදී තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment