මහින්දගෙන් එජාපයට පොදු අපේක්ශකයෙක් : චම්පිකගෙන් සැර උත්තරයකුත්!


අද(11) දිනයේදී ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවට උපදෙස් ලබාදීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහිදී හිටපු ජනාධිපති/ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වමින් වත්මන් එජාප ආණ්ඩුවේ අනාගත ජනාධිපති අපේක්ෂකත්වය පිලිබඳ ඉඟියක් ලබා දුන් අතර ඔහු එහිදී පවසා සිටියේ, "අපේ අනාගත බලාපොරොත්තුව ඇමති චම්පික" යනුවෙනි.

එහිදී ඊට ප්‍රතිචාර දක්වමින් අදහස් දැක්වූ අමාත්‍ය චම්පික රණවක මහතා ප්‍රකාශ කර සිටියේ, "මම ආපු හැටියේ තුන් බිය නැති කරනවා" යනුවෙනි.

"මොකද්ද තුන් බිය?" යනුවෙන් එහිදී මහින්ද රාජපක්‍ෂ මහතා පෙරළා ප්‍රශ්න කරන ලදී.

ඊට පිළිතුරු දෙමින් චම්පික රණවක මහතා සඳහන් කළේ, "මහින්ද, බැසිල්, ගෝඨාභය" යනු තමන් අදහස් කළ එම තුන් බිය බවයි. 

එම පිළිතුරෙන් තරමක වික්ෂිප්ත බාවයක් පෙන්නුම් කළ මහින්ද රාජපක්‍ෂ මහතා එයට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටි බවයි වාර්තා වන්නේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment