මහින්දට නිල නිවාස දෙකයි.


කතානායකවරයා මහින්ද රාජපක්ෂ මහතාව විපක්ෂ නායකවරයා ලෙස පිළිගැනීමෙන් පසු හිටපු විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා විසින් භාවිතා කරන ලද නිල නිවාසය මහින්ද රාජපක්ෂ මහතාට බාරදීමට මේවන විට කටයුතු යොදමින් සිටින බව පැවසේ.

අදාළ නිළ නිවාසය සම්පන්දන් මහතාගෙන් ලබා ගැනීම ගැටලුවක් නොවන බව ද නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මේ අතර රාවය පුවත්පතට පවසා තිබිණි.

කෙසේවුවද, විපක්ෂ නායක නිල නිවස ආපසු ලබාදීමට කටයුතු කරන්නේද යන්න පිළිබඳව හිටපු විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා පිළිතුරුදීමට මැලිවූ බවද රාවය පුවත්පත අනාවරණය කර ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් සිය පෞද්ගලික ලේකම් දීපිකා සුබසිංහ මහත්මියගෙන් විමසන ලෙස දැන්වූ බවද පැවසේ.

ඇයගෙන් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇය පවසා ඇත්තේ නිල නිවස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අයත් බැවින් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් විමසන ලෙස ඇය පවසා තිබේ.

රාජපක්ෂ මහතාට විපක්ෂ නායක නිල නිවසද හිමිවුවහොත් ඔහුට රජයේ නිල නිවාස දෙකක් ලැබෙන බවද මේ අතර වාර්තා වේ.

ඒ ඔහු දැනට පදිංචිව සිටින කොළඹ 07 විජේරාමයේ පිහිටි නිවස ඔහුට ලබා දී ඇත්තේ රජයෙනි. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් තමන්ට පදිංචි වීමට කොළඹ අවට නිවසක් ලබාදෙන මෙන් කරන ලද ඉල්ලීමකට අනුවය.

අදාළ නිවස රුපියල් මිලියන 40 ක වියදමක් දරා අලුත්වැඩියා කර මහින්ද මහතාට ලබාදී තිබිණි.

සිරිසේන මහතා ජනාධිපතිවීමෙන් පසුව අලුත් වැඩියා කිරීමට පෙර මාස 06ක පමණ කාලයක් මහින්ද මහතා දැන් පදිංචිව සිටින විජේරාම නිවසේය.

සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරයට පත්වීමෙන් පසුව ද මාස 09 ක පමණ කාලයක් රැදී සිටියේ ඔහුට අයත් පුංචි මහල් නිවසකය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment