පිළියන්දල ඉන්ටර් ෆැෂන් සාප්පුව බින්ද අය බඩුත් සමග මාට්ටු


රෙදිපිළි ආයතනයක් බිඳ දේපළ සොරකම් කර ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකු සොරා ගන්නා ලද දේපළ සමග අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලිසිය සමත් විය.

පසුගිය 3 වන දින පිළියන්දල පොලිස් වසමේ මොරටු පාර අංක 79 දරණ ඉන්ටෆැෂන් රෙදි වෙළඳසැල බිඳ රුපියල් 660320ක් වටිනා දේපළ සොරකම් කර ඇති බවට එම ආයතනයේ කළමණාකරු විසින් පිළියන්දල පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් විමර්ශනය සිදු කර ඇත.
එම පැමිණිල්ලේ විමර්ශනයට අනුව අදාල වෙළඳසැලේ සවිකර තිබු සි..ටී.වි දර්ශන මගින් ලබාගත් තොරතුරුවලට අනුව එම සොරකම සිදුකල එම වෙළඳ ආයතනයේ
සේවය කරමින් සිට සේවයෙන් ඉවත්ව ගොස් සිටි පුද්ගලයෙකු 07 වන දින කටුබැද්ද ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු විසින් සොරා ගන්නා ලද දේපළ ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය ප්‍රදේශයේදී සඟවා තිබියේදී හා පිටකොටුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියේදී සොරබඩු ලඟ තබාගෙනීමේ වරදට තවත් පුද්ගලයෙකු පිටකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවු 22,30ක් වන ම කෙළිය හා බුළුතොට යන ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සොරාගන්නා ලද දේපළ  අතර සාරි  08යි ගවුම් 03යි කලිසම් 04 ෂර්ට් 11යි  අත් ඔරලෝසු - 69 ක් තිබේ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment