පාසල් විෂය මාලාවට නීතිය ඇතුළත්කිරීමට කැබිනට් අනුමැතිය

පාසල් දරුවන්ට නීතිය පිළිබඳව දැනුම ලබාදීමේ අරමුණින් නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත්
කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07දා) පැවැති කැබිනට් හමුවේදී අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මූලික නීතිය වැනි කරුණු පිළිබඳව මෙහිදී පාසල් දරුවන්ට මුල සිටම සරලව පහදාදීම මෙහි අරමුණ වී තිබේ.
මේ තුළින් රට තුළ ජීවත් වීමේදී දෛනිකව ඇති වන ගැටලුවලට මුහුණදීමට දරුවන්ට මහඟු පිටිවහලක් වනු ඇති බව ඇමැතිවරිය කීවාය. මූලික නීතියට අමතරව දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය පිළිබඳවද කුඩා කාලයේම දැනුමක් ලබා ගැනීමේදී රට තුළ සිදුවන අපරාධ අඩුවීමට ඉඩ ඇති බවද අතුකෝරල අමාත්‍යවරිය කීවාය. අදාළ විෂය නිර්දේශය පාසල් පෙළපොත්වලට ඇතුළු කිරීමේ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු කිරීමටද නියමිතය.
  -රුචිර දිලාන් මධුශංඛ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment