ඩඩ්ලිගෙ හිතේ : මැරෙනකම් මහින්ද!


ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතාට මැරෙන තෙක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අමතක කළ නොහැකි හේතුව ඉරිදා ලංකාදීප පුවත්පතට හෙළිකර තිබේ.

ඔහුට මෙසේ මැරෙන තෙක් අමතක නොවන්නට මහින්ද කර ඇත්තේ මහින්ද මහතා බලයට පැමිණි අවස්ථාවේ ව්‍යාපාරිකයන්ට ණය දීමේදී ඔහුට මුලින්ම එම ණය මුදල ලබාදීම බව සිරිසේන මහතා පවසා තිබේ.

සිය ජීවිතයේ හැරවුම් ලක්ෂය සටහන්වූයේ ගුවන් හමුදාවේ සේවය කළ කාලයේ දී බව පවසන සිරිසේන මහතා “ මම ගුවන් හමුදාව තුළ සේවය කරද්දී ම සුළු ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒක ලියාපදිංචි කළ ව්‍යාපාරයක් නෙවෙයි. ඒකට හේතුව ගුවන් හමුදාවේ සේවය කරන කාලය තුළ ලියාපදිංචි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවස්ථාව නැහැ. ව්‍යාපාරය සඳහා මගේ බාල සොයුරාගේ මිතුරන් දෙදෙනෙකු රුපියල් 75000/- මුදලක් ලබා දුන්නා. කුඩාවට මම ආරම්භ කළ ව්‍යාපාරය තමයි අද මේ රටේ ප්‍රධාන ව්‍යාපාරයක් ලෙස ගෙනයන්නේ.” යනුවෙන්ද ඔහු කියා සිටී.

අභියෝගයක් ආවොත් ඡන්දෙට එනවා

මේ අතර තමාට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නායකත්වය හෝ ම දිස්ත්‍රික්කයේ ආසනයක් හෝ බහුතර රටේ ප්‍රදේශයකින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න ආරාධනා ලැබී ඇති බව ද පවසන ඩඩ්ලි සිරිසේන මහතා තමා කවදා හෝ දේශපාලනයට ඉන්නේ සිය වැඩිමල් සහෝදරයාගේ ආරාධනයක් යෝජනාවක් ඇතුව පමණක් බවද කියා සිටී.

ලංකාවේ දිස්ත්‍රික්ක 25න් තමා ස්වාධීනව ඉදිරිපත් වුවද අනිවාර්යෙන්ම ජයග්‍රහණය කිරීමට තමාට හැකියාව ඇතැයි ද ඒ මහතා කියා සිටී. ඊට කවුරුන් හෝ අභියෝග කළොත් තමා ඒ අභියෝගය පිළිගන්නා බවද ඔහු කියා සිටී.

ව්‍යාපාරික උපදෙස් ගන්නෙ ධම්මික හා කුමාරසිරිගෙන්

සිය ව්‍යාපාරික කටයුතු සඳහා උපදෙස් ලබා ගන්නේ මෙරට ‍ප්‍රධාන ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා හා සිය බාල සොයුරු කුමාරසිරි සිරිසේනගෙන් බවද ඩඩ්ලිමහතා සඳහන් කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment