පක්ෂග්‍රාහී මාධ්‍ය ආයතනවලට සිවිල් සංවිධානවල විරෝධය.


පක්ෂග්‍රාහී ලෙස මාධ්‍යකරණයේ නියුතු මාධ්‍ය ආයතනවලට විරෝධය පළ කිරීමේ විරෝධතාවයක් ඊයේ (10) කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී පැවැත්විණි.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්, මාධ්‍යවේදීන්, දේශපාලන පක්ෂ ක්‍රියාකාරිකයන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවය සඳහා එක්ව සිටි අතර ඔවුන් කලු ඇඳුමින් සැරසී විරෝධතාව පැවැත්වීය.

ඔවුන් අදාළ විරෝධතාව පවත්වනු ලැබුවේ එක් එක් මාධ්‍ය වෙත සිය අදහස් ඇතුළත් ලිපියක් සමඟ ඉල්ලීමක්ද කරමිණි. සිරස හා මවුබිම ආයතනවලට ආදළ ලිපි බාර දීමට ගිය අවස්ථාව වලදී ඔවුන් අවම සදාචාරය ලෙස අදාළ ලිපි බාර ගැනීම නොකොට ඔවුන් සමඟ ගැටුම් ඇතිකර ගැනීමට උත්සාහ කර තිබිණි.

විරෝධතාවයේදී අදහස් දැක්වූවන් ප්‍රකාශ කළේ බොහෝ මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරමින් සිටින බවයි. මහ ජනතාවට අයත් රූපවාහිනී සහ ගුවන් විදුලි සංඛ්‍යාත භාවිතා කරමින් බොහෝ මාධ්‍ය ආයතන මාධ්‍ය අවභාවිතා කරන බවත් ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු මාධ්‍ය දේශපාලනඥයන් වෙනුවෙන් සහ මාධ්‍ය හිමිකරුවන් වෙනුවෙන් පමණක් පෙනී සිටින බවත් විරෝධතාකරුවන් අවධාරණය කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment