සිරිසේනගේ බරපතල දූෂණ වංචා කොමිසමේ වාර්තාව මහින්දට ෂුවර් නෑලූ!

   
සිය ආණ්ඩු සමයේ  සිදුවූ බව කියන බරපතල දුෂණ වංචා ක්‍රියාවන් පිළිබඳ විර්ශනය කළ බරපතල දුෂණ වංචා ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී ස්වාධීන රෑපවාහිනී සේවය පිළිබඳ පැවසු කරුණු වලට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා මේ බව කීවේය

රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුවූ දුෂණ වංචා සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බරපතල වංචා දුෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධ විමර්ශනය කිරිම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව පත්කළේය.

එම වාර්තාව පිළි නොගන්නා  බව මහින්ද රාජපක්ෂ මහතා පැවසු අවස්ථාවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසුයේ මහින්ද රාජපක්ෂ මහතාගේ හොඳම යහලුවෙකු බවට පත්ව ඇති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඒ බව පවසන ලෙසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment