ජාතික කොඩියේ සිංහයා ඉන්නා රට ගැන බ්‍රිතාන්‍යයේ ප්‍රශ්නයක්

https://www.gossiplankanews.com/2019/01/sri-lanka-national-flag-question-in-uk.html
බ්‍රිතාන්‍යයේ ITV නාලිකාව මගින් විකාශය කරනු ලබන Who Wants To Be A Millionaire? නමැති ජනප්‍රිය ප්‍රශ්න විචාරක වැඩසටහනේ පසුගිය ජනවාරි 2 වනදා විකාශය වූ තරගයේදී පවුම් එක්ලක්ෂ විසිපන්දහසේ පැනය ලෙස විමසනු ලැබූයේ
ජාතික කොඩියේ සිංහයාගේ සලකුණ සහිත රට කුමක්ද යන්නයි.
එයට උත්තර ලෙස මෝල්ඩෝවා,ඇල්බේනියාව,සැම්බියාව හා ශ්‍රී ලංකාව ලබාදී තිබුණි.
ප්‍රශ්නය යොමුවූයේ කාන්තාවකටය. එහිදී ඇය එක්වරම මෙම ප්‍රශ්නයට පිලිතුරු දුන්නේ නැති නමුත් සැම්බියාව හා ශ්‍රී ලංකාව යන දෙකින් එකක් සැක බව

කී අතර නිවේදකයා ඇය පැටලීමට කියා සිටියේ

ශ්‍රී ලංකාවේ අලියන් හා කොටින් ගැන අසා ඇති නමුත්  සිංහයන් ගැනද අසන්නට ලැබේද යන්න කල්පණා කළ යුතු බවයි.

කෙසේ වෙතත් ඇය අවසානයේ එස් අකුරින් පටන්ගන්නා ශ්‍රී ලංකාව නිවැරදි පිලිතුර යයි කියා සිටි අතර ඇය එම පැනයෙන් ජයග්‍රහණය කර
 පවුම් දෙලක්ෂ පණස් දහසේ ඊළඟ ප්‍රශ්නය වෙත යාමට සුදුසුකම් ලබාගත්තාය.කෙසේ නමුත් මිලියනයේ ප්‍රශ්නයට ප්‍රශ්න 2 ක් තිබියදී ඇය පරාජය වූවාය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment