පවුල් ගස දළුලයි : පොළොන්නරුව ආසන සංවිධායක ධුරය චතුරිකාට?


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසනයේ සංවිධායක ලෙස චතුරිකා සිරිසේන සහ මැදිරිගිරිය ආසන සංවිධායක ලෙස ඩඩ්ලි සිරිසේන පත්කිරීමට ජනාධිපති සිරිසේන තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මේ දෙදෙනාම ඊළඟ මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග උපුටා දක්වමින් මාධ්‍ය කිහිපයක්ම මේ "සිරිසේන පවුල් ගස" බිහිවීම සම්බන්ධව පුවත් පළකර ඇත.

කෙසේ වුවත් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් ජනාධිපති සොහොයුරු ඩඩ්ලි පවසා ඇත්තේ " අපේ අයියා මට ආසනයක් දෙයි කියා හිතන්නවත් බෑ" කියාය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment