ගෑස් මිල වැඩි නොවේ.

ගෑස් මිල වැඩිකරන ලෙසට ගෑස් බෙදාහරින සමාගම් ඉල්ලීමක් සිදුකල පමණින් මිල වැඩිකිරීමක් ලබාදිය නොහැකි බවත් ඊට පෙර ඉල්ලීමට බලපා ඇති සාධක සම්බන්ධව තවදුරටත් සලකා බැලීමට අවශ්‍ය බව පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්. එච්. එම්. තවුසර් පවසයි.

කිලෝ ග්‍රෑම් 12.5 ක් වන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 359 කින් ඉහළ දමන ලෙසට ගෑස් බෙදාහරින සමාගම් දෙකක් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඔහු මේ බව සඳහන්කර ඇත.

මෙහිදී තවදුරටත් කතා කළ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේ ද පවසා ඇත.

එක පාරටම ගෑස් මිල වැඩිකරන්න අපි තීරණයක් දෙන්නේ නැහැ. ඉස්සෙල්ලම ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධව සොයා බැලිය යුතු සාධක පෙළක් තියෙනවා. ඒ සාධක ගැන සලකා බැලීමෙන් පසුවයි ගෑස් මිල වැඩි කරනවාද නැද්ද තීරණය කරන්නේ. කොහොම වුණත් ලෝක වෙළෙඳපොළේ තියෙන තත්ත්වය අනුව ගෑස් මිල වැඩිවීමක් වෙන්නේ නැහැ.

වර්තමානයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක (කිලෝ ග්‍රෑම් 12.5) මිල රුපියල් 1733 කි. එම මිල රුපියල් 359 කින් වැඩි කළහොත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2092 ක් දක්වා ඉහළ යනු ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment