ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ අනාගතය ඉරාන් අතේ!


ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එය ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කමිටුවක් පත්කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආචාර්ය ධර්මරත්න හේරත්, මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසා බණ්ඩාර, වී. කනගසභාපති, එල්.එස්.අයි. ජයරත්න, විරාජ් දයාරත්න, මහේන් ගොපල්ලව, වසන්ත කුමාරසිරි, අජිත් අමරසේකර, තිසුරි වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් කටයුතු කරයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කටයුතු පිළිබඳ පසුගිය 04 වැනිදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපති කළ ප්‍රකාශය අනුව අද දින මෙම කමිටුව පත් කිරීමට පියවර ගැනිණි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා සහ අදහස් මේ අනුව අද සිට කමිටුවට භාරදීමට සියලු පාර්ශ්වයන්ට අවස්ථාව හිමි වේ.

සති දෙකක කාලයක් තුළ දී කමිටුව විසින් අදාළ නිර්දේශ ජනාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.

එම නිර්දේශ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳ ගතයුතු ඉදිරී තීන්දු තීරණවලට ජනාධිපති විසින් එළැඹීමට නියමිතය.

අද (07දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කමිටු සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමෙන් සිරිසේන මහතා ඔවුන් සමඟ සාකච්ඡාවකට ද සහභාගිවී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment