ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් ණය රුපියල් බිලියන 100 ඉක්මවයි.

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත්වලට අදාළව 2018 නොවැම්බර් මාසය අවසාන වන විට පියවිය යුතු මුළු ණය වටිනාකම රුපියල් මිලියන 103,146 ක් ලෙසින් වාර්තා වේ. මෙම වටිනාකම පළමු වතාවට පසුගිය 2018 ඔක්තෝබර් මාසයේ දී රුපියල් මිලියන 100,000 සීමාව ඉක්මවා ගිය අතර ඔක්තෝබර් අවසානයේ දී එම අගය රුපියල් මිලියන 101,353 ත් ලෙසින් වාර්තා විය.

2018 නොවැම්බර් මාසය අවසානයේ දී මෙරට වාණිජ බැංකු විසින් නිකුත් කර තිබෙන මුළු සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,633,009 ක් ලෙසින් සටහන් වේ. මෙයින් 1,611,690 ක් ගෝලීය වශයෙන් ගෙවීම් පියවීම සඳහා ද, 21,319 ක් දේශීය වශයෙන් පමණක් ගෙවීම් පියවීම් සඳහා ද නිකුත් කර ඇත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment