මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලබන හේලීස් සමූහයෙහි පරිපාලිත සමාගම් දෙකක් වන Carbotels (Pvt) Ltd හා Amaya Leisure PLC විසින් බහුතර කොටස් හිමිකාරීත්වය දරනු ලබන Hunas Falls Hotels PLC හෝටල් සමාගමේ සිය අයිතිය අලෙවි කිරීමට අදාළ සමාගම් ද්විත්වය සූදානමින් පසුවන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් දැනුම් දෙමින් Hunas Falls Hotels PLC හී සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. ඊට අනුව Hunas Falls Hotels PLC හි සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් 66.20% ක් Carbotels (Pvt) Ltd හා Amaya Leisure PLC විසින් දරනු ලබන අතර එම අයිතිය අලෙවි කිරීම සඳහා නිසි ගැණුම්කරුවෙකු වෙත එළඹෙමින් සිටින බව සඳහන් වේ.
මේ අතර පසුගිය 2018 දෙසැම්බර් 28 දින ගනුදෙනු අවසානයේ දී රු. 76.30 ක්ව පැවති Hunas Falls Hotels PLC හි කොටසක මිල අද (07) මධ්‍යහ්නය වන විට රු. 155.00 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
Home
/
Political News
/
ධම්මික පෙරේරාගේ Hunas Falls නව අයිතිකරුවෙකු සොයයි : කොටස් මිල 100% කින් නගී.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments :
Post a Comment