නඩු පෝලිමක් : දේශපාලන උණුසුම අධිකරණයට!


ආණ්ඩු හිතවාදීන් සහ විපක්ෂය ඉදිරි සතියේදී යළිත් ප්‍රබල නීතිමය සටනක් ආරම්භ කිරීමට සැරසෙන බව වාර්තාවෙයි. ඒ අනුව අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පෝලිමක්  ඉදිරිපත් වනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

විපක්ෂ නායක ධුරයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාගේ විපක්ෂනායක පදවිය පමණක් නොව මන්ත්‍රී පදවියද අහෝසිකරන ලෙස ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානය සහ තවත් පාර්ශ්ව දෙකක් අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට සැලැසුම් කර ඇතැයි නීති අංශ ආරංචි මාර්ග කියයි. මෙම නඩුවෙන් සාර්ථක ප්‍රතිඵල ලැබේ යැයි හැකිවෙතැයි අපේක්ෂා කරන දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් දින කිහිපයකට පෙර ඉවත්ව ගිය විපක්ෂනායක කාර්යාලය වෙත නැවතත් පැමිණ මේ සතියේ හදිසියේම රාජකාරිද ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

ඒ අතර ද්විත්ව පුරවැසිභාවය ලබා ඇතැයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා එල්ලකරන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් 4 දෙනකුගේ මන්ත්‍රී ධුර අහෝසි කරන ලෙස ඉල්ලමින් විපක්ෂ හිතවාදීන් නඩු ගණනාවක් අභියාචනාධිකරණය වෙත ගෙනයාමට සූදානම් වන බව වැඩිදුරටත් වාර්තා වෙයි.

උපරිමාධිකරණ නිවාඩුව අවසන් වන ලබන සතියේ මෙම නඩු පෝලිම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන්ය.

(දේශය)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment