ඔක්තෝබර් කුමන්ත්‍රණය ගැන සොයන්නැයි CID යට පැමිණිල්ලක්.


නීත්‍යනුකූලව පැවති රජයක් ඔක්තෝබර් 26 වැනිදා කුමන්ත්‍රණකාරී ලෙස බලෙන් පැහැර ගැනීමේ සිදුවීම පිළිබඳව පරීක්‍ෂණ සිදුකර ඊට වගකිවයුත්තන්ට හා ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් 28 දින සහිතව, පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණි වියන්ගොඩ හා කේ.ඩබ්ලිව්. ජනරංජන විසිනි.

මින් ඉදිරියට මෙවැනි කුමන්ත්‍රණකාරී සිදුවීම් නොවීම සඳහා නීතියේ විධානය පිහිටුවිය යුතු බව විශ්වාස කරමින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරන බවත් එහි සඳහන්ය.

එම කුමන්ත්‍රණ ක්‍රියාව මඟින් ප්‍රසිද්ධියට පත්, අල්ලස් දී මන්ත්‍රීවරුන් මිලට ගැනීමේ ප්‍රයත්නය ගැන සොයා බලන ලෙසත්, මෙම කුමන්ත්‍රණය ආරම්භවීමේ සිද්ධිය වශයෙන් සැලකෙන නාමල් කුමාර නැමැති පුද්ගලයාගේ පැමිණිල්ල පිළිබඳව සොයාබලා එහි සත්‍ය අසත්‍යතාව මත අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ඒ මඟින් ඉල්ලා ඇත.

(අනිද්දා)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment