දික්කසාදය හොරෙන් නොකර SMS මගින් හෝ බිරියට දන්වන්නැයි සවුදි සැමියන්ට උපදෙස්


මින්පසු සවුදි අරාබියේ සැමියකු තම බිරිය දික්කසාද කළ විට අවම වශයෙන් ජංගම දුරකථන කෙටි පණිවුඩයක් මගින් හෝ ඒ බව ඇයට දැනුම්දිය යුතු බවට නව නියමයක් එරට රජය විසින් පනවනු ලැබ ඇත.
මෙවැනි නියමයක් පැනවීමට හේතුව, සමහර සැමියන් තම බිරියට නොදන්වා ඇය දික්කසාද කිරීමේ අසාධාරණ පුරුද්ද අවසන් කිරීම බව සවුදි අධිකරණ ඇමැතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. මෙම කෙටි පණිවිඩයට දික්කසාද සහතික අංකය සහ එම සහතිකය අදාළ කාන්තාවට 
ලබාගත හැකි උසාවියේ නම ඇතුළත් විය යුතුය.

යම් කාත්තාවකට අවශ්‍ය නම් ඇගේ වෛවාහික තත්ත්වය වෙබ් අඩවියක් මඟින් පිරික්සීමේ අවකාශය ද සලසා ඇත. එමඟින්  දික්කසාදයක් පිළිබඳ ප්‍රොබේට් (පරිවාස) සහතිකයක් ඇය වෙනුවෙන් සැකසෙමින් ඇත්නම් ඒ පිළිබඳ විස්තර කල්තබා දැනගත හැක. මෙයද සවුදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු හඳුන්වාදී ඇති  ‘2030 දැක්ම” නමැති සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ කාන්තාවන්ට හිමි වන නව  අයිතිවාසිකමකි. මින් පෙර සවුදි කාන්තාවන්ට පළමුවරට රියැදුරු බලපත් ලබාගැනීමේ අවස්ථාව උදා වූයේද මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට  අනුවය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment