ITN ප්‍රශ්නය විසඳන්න CEO ලෙස ජනපතිගේ නියෝජිතයා පත්කෙරේ

ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස රාසා හරිස්චන්ද්‍ර මහතා පත්කොට තිබේ.  ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

මේ දිනවල ස්වාධීන
රූපවාහිනි සේවයේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම මෙම පත්වීම සමගින් සිදුවෙනු ඇතැයි රජය විශ්වාස කරයි.

එසේම ස්වාධීන රූපවාහීනි සේවයේ සභාපති තිලකා ජයසුන්දර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ විශේෂ නියෝජිතයෙක්, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ශිරාල් ලක්තිලක, ආරක්ෂක ආමත්‍යාංශයේ ලෙකම්වරයා ස්වාධීන රූපවාහිනී සේවයේ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද පැවැත්වෙමින් තිබේ.

ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් දෙදෙනෙක් පොලීසිය සමගින් ඊයේ එම පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කිරීමට එයට සේවකයන් විරෝධය දැක්වීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක්ද නිර්මාණය විය.

ස්වාධීන රූපවාහිිිිනී ‌‌සේවයේ ස්ථාවර තැන්පතු ගිණුමෙන් විශාල මුදලක් වංචා කර ඇතැයි පවසමින් එම ආයතනයේ සේවක පිරිසක් විරෝධතාවක නිරතව සිටින අතර එයට සම්බන්ධ වූ සේවකයන් 13 දෙනෙකුගේ සේවය අත්හිටුවීමටත් කටයුුතු කර තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment