ජර්මන් ටෙක් පුළුල් කරන්න නාගරික සංවර්ධනෙන් අක්කර 4 ක්.


1959 වර්ෂයේදී ජර්මන් ආධාර යටතේ ආරම්භ කරන ලද ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය මේ වන විට මෝටර් රථ ඉංජිනේරු සහ ආශ්‍රිත ක්ෂේත්‍රයන්වල පූර්ණකාලීන පුහුණු පාඨමාලා 11ක් පවත්වා ගෙන යනු ලබන අතර, වාර්ෂිකව ශිෂ්‍යයන් 600ක් පමණ බඳවා ගනු ලබයි.

මීට අමරව කෙටිකාලීන පාඨමාලා 42ක් පවත්වා ගෙන යනු ලබන අතර, ආයතනය තුළ පූර්ණකාලීන ආධුනිකයින් 2,000ක් පමණ හා පුහුණුවන්නන් 2,500කට වැඩි සංඛ්‍යාවක් අර්ධකාලීන පුහුණුව ලබයි.

දැනට අක්කර 13ක් පමණ වන ඉඩම් කොටසක මෙම ආයතනය පවත්වා ගෙන යනු ලබන අතර මෙම ආයතනයේ කටයුතු තවදුරටත් ව්‍යාප්ත කර නව වැඩහල්, පංතිකාමර හා පර්යේෂණාගාර ආදිය ඉදි කර වාර්ෂිකව තවත් ආධුනිකයින් 150කට පමණ පුහුණු අවස්ථා ලබා දීමට සැලසුම් කර ඇත.

ඒ සඳහා එම ආයතනයට යාබදව පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 04 පර්චස් 15.5ක්වූ ඉඩම් කොටස බදු පදනම මත ලබා ගැනීම පිණිස අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment