අපට විනය පරීක්ෂණ තියන්න දයාසිරිට බෑ - පියසේන ගමගේ.


"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපට කලින් විනය පරීක්ෂණ තියන්න ඕන කට්ටිය ඉන්නවා. මම දයාසිරි ජයසේකරට කියනවා මුලින්ම එහෙනම් ඒ අයට විනය පරීක්ෂණ තියන්න කියලා. ඔය දයාසිරි අරහෙට මෙහේට පැන පැන ඉන්න කොට අපියි ශ්‍රී ලනිපය දිනෙව්වේ" යැයි අධීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රි පියසේන ගමගේ පවසයි.

නෙළුව - මැදගම මන්ත්‍රීවරයාගේ නිවෙසේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

දයාසිරිට බෑ අපිට විනය පරීක්ෂණ තියන්න. ඔය විනය පරීක්ෂණ තියනවා නම් මුලින්ම තියන්න ඕන ජනාධිපතිතුමාට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ එහෙම විනය පරීක්ෂණ තිබුණේ නෑ. මේ පාරත් එහෙම තියන්න බෑ. ඒකට පූර්වාදර්ශයක් නැහැ.

ඉදිරියේදීත් ජාතික ආණ්ඩුවක් ගැන මතයක් ඇහුවොත් මගේ ඡන්දය පක්ෂව ලබා දෙනවා. මට ඇමැතිකම් තිබුණත් නැතත් එකයි. මම ඉන්න තැනට හැමදාම කැපවෙලා වැඩ කරපු මිනිහෙක්. ඉදිරියටත් ඒ වගේම ඉන්නවා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment