මදුෂ්ව නිදහස් කිරීමේදී බලපාන ඩුබායි නීතිය වෙනස් - නීතීඥ දොළවත්ත


ශ්‍රී ලංකාව අරාබි රටවල්. සමග උදර්පන ගිවිසුම් අත්සන් කර නොමැති හෙයින් ඩුබායිහිදී අත්අඩංගුවට පත් මන්ද්‍රව්‍ය ජාවාරමිකරුවන්ගේ වීසා අවසර පත්‍රය එම රටින් අවලංගු කිරීමෙන් පසු ලංකාවට පිටුවහල් කරනු ඇති බව නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පවසයි. ඒ මහතා මේ බව
පවසා සිටියේ, ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පවූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවට නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳ කළ විමසුමකදී ය.
මත්කුඩු සන්තකයේ තිබියදී හසුවීමේ චෝදනාව ගැන ඔහු අදහස් පළ කර නැත.
"උදර්පන ගිවිසුම් අපට අරාබිරටවල් සමග නැ. මෙහිදී පිටුවහල් කිරීමේ සංකල්පය
තමයි අදාළ වන්නේ. විදෙස් රටකට සිටියදී වීසා අවසර පතක් නිකුත් කරනවා. මෙවැනි අවස්ථාවකදී ඒ අවසර පත්‍රය ඒ රටේ අධීකාරිය විසින් අවසන් කරනවා, ඒ අයට වීසා නැතිව ඒ රටේ ඉන්න බෑ. රටින් පිටුවහල් කරනවා. අපේ ඉත්න නිලධාරින් ඒ අය අරගෙන ලංකාවට එනවා. ඒ අයට මේ අයව අත්අඩංගුවට ගන්න බෑ. ලංකාවේ ඉන්න නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපොළට ගිහින් අත්අඩංගුවට ගන්නවා.ඉන් අනතුරුව ඔවුන්ට ශ්‍රී ලංකාවේ ඇති නීතිමය තත්ත්වයන් යත් ඔවුන්ට එරෙහිව ඇති
චෝදනාවලට අනුව කටයුතු කිරීමට අවස්ථාව තිබෙනවා.
මුලින්ම ඔහුව ලංකාවට ගෙන්වා ගත යුතුයි" යැයි ඔහු පැවසීය.
කෙසේ වෙතත් වීසා නැතිව රැඳීසිටීම පමනක් නොව මත්කුඩු සන්තකයේ තිබියදී හසුවීමේ චෝදනාව අනුව
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සමිබන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ ඩුබායි නීතියද එසේත්තේ නැත්නම් ඔවුන් පිටුවහල් කළ පසු ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීමක්දැයි පැහැදිලි කර නැත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment