හෘදයාබාධයක් නිසා දයාසිරි රෝහලේ


 ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා හදිසියේ ඇතිවූ රෝගී තතත්වයක් හේතුවෙන් අද 12 සවස ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බව
වාර්තාවේ.
රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක
වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා පැවසුවේ හදිසියේ ඇතිවූ පපුවේ අමාරුවක් හේතුවෙන් රෝහල් ගත කළ බවත් විශේෂඥ වෛද්‍යවරු පරීක්ෂණ කිරිමෙන් පසුව ඒ මහතාව වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත්ය.
මන්ත්‍රිවරයාට රෝහලේදී එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව මන්ත්‍රිවරයා මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද දන්වා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය දරන දයාසිරි ජයසේකර මහතා පසුගිය දිනවල වෙහෙසට පත්ව මානසික ආතතියෙන් සිටි බවත් රෝහලට ඇතුළත් කළේ ඒ හේතුවෙන් බවත් පවුලේ ආරංචි වාර්තා කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment