රනිල්ගෙන් ලතීෆ්ට තෑන්කින් ලෙටර් එකක්

මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත අපරාධ මැඬලීම උදෙසා පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකරන මෙහෙවර අගය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ
නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා වෙත

ප්‍රශංසනාත්මක ලිපියක් යොමු කර ඇත. එම ලිපියේ මෙසේද සඳහන් වේ.

"මත්ද්‍රව්‍ය උවදුර සහ මත්ද්‍රව්‍ය හා ආශ්‍රිත අපරාධ රටෙන් තුරන් කිරීම වෙනුවෙන් සිදුකරන ලද, එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී නොබෝදා විශේෂ කාර්ය සාධක බළකාය අත්කරගත් විශිෂ්ට ජයග්‍රහණ පැසසුම් සහගතය. මෙහිලා විශේෂ කාර්ය සාධක බළකායේ නිර්භීත ක්‍රියා කලාපය මා අගය කරන අතරම එවන් කාර්යශූර නිලධාරීන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මහත් සම්පතකි. නොබෝදා සිදුකරන ලද මෙහෙයුම්වලට දායක වූ සියලුම විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට මාගේ ප්‍රශංසාව පළකරන මෙන් කාරුණිකව ඉල්ලමි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment