නිදන මැදිරි වෙනුවට නිදන ආසන සහිත මැදිරි දුම්රියේ

වසර සියයක පමණ කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුව භාවිත කළ පළමු වැනි පත්තියේ දුම්රිය නිදන මැදිරි (Sleeping Berths) ධාවනයෙන් ඉවත් කර නිදන ආසන සහිත මැදිරි භාවිතයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.  මෙතෙක් භාවිත කළ පළමුවැනි පන්තියේ නිදන මැදිරීයක දුම්රිය
මගීන් 12 දෙනකුට පමණක් ප
හසුකම් සැලසීමට හැකි වූ අතර එක් මගියකුගෙන් අයකරනු ලැබුවේ රුපියල් 1,500ක ගාස්තුවක් පමණි.

එහෙත් නිදා ගැනීමට හැකි අයුරින් සීරූමාරූ කළ හැකි  ආසන 5ක් එක් මැදිරියක සවි කළ හැකි නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන පාඩුව බොහෝ දුරට අවම කරගත හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.  කොළඹ සිට කන්කසන්තුරය දක්වා පසුගිය 30 සිට අලුතින් සේවයට යෙදවූ උත්තර දේවි බලවේග කට්ටල දුම්රියටද
මෙසේ නිදන ආසන සහිත පළමුවැනි පන්තියේ වායු සමනය කළ මැදිරියක් යොදවා ඇති අතර අලුතින් එවැනි නිදන මැදිරි 60ක් ආනයනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. මඩකළපුව, ත්‍රිකුණාමලය, බදුල්ල හා යාපනය දුර සේවා දුම්රියන්ට හා රාත්‍රි තැපැල් දුම්රින්ට මෙම නව  මැදිරි යෙදවීමට අපේක්ෂා කෙරේ.

-උපතිස්ස පෙරේරා-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment