ITN තිලකා ජයසුන්දර රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් තනතුරට.


රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස තිලකා ජයසුන්දර මහත්මිය අද (18) දින මහා භාණ්ඩාගාරයේදී වැඩ බාර ගන්නා ලදි .

මෙම තනතුරට අමතරව ඇය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස හා ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ලෙස ද කටයුතු කරන්නීය.

පාර්ලිමේන්තු පනතකින් පිහිටවනු ලැබූ සංස්ථා,ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ රජයට වැඩි කොටස් ප්‍රතිශතයක් හිමි වානිජමය හෝ වානිජමය නොවන රජය සතු ව්‍යාපාර පිළිබඳව මහා භාණ්ඩාගාරය මගින් ඉටු විය යුතු සේවාවන් සම්බන්ධ අධීක්ෂණය සිදුකිරීම,රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීම් වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment